2013/01/25

බිම්මල් - මහ වැලි හතු

අද කොමස් සර් මේ කියන්න යන කාරණය නම් එක ලිපියකින් කියල ඉවරකරන්න පුළුවන් කාරනයක් නෙමෙයි. මෙය විස්තරාත්මක මෙන්ම අප සියළු දෙනා දැනගත යුතු සාකච්ඡාවට භාඡනය කල යුතු කාරනයක්. එම නිසා මෙම මාතෘකාව මින් ඉදිරියටත් විවිද අවස්ථා වලදි සාකච්ඡා කෙරේවි. 

එහෙනම් මොනවද මේ. ඒ තමයි අපේ බිම්මල් ගැන අපි නොදන්න දේ.


ඇමෙරිකන් ඔයිස්ටර් බිම්මල්
අපි අද වන විට කිසිම බියකින් තොරව බිම්මල් ආහාරයට ගන්න 
ඇබලෝන් බිම්මල්
පුරැදුවෙලා තියෙනවා. 1987 දි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ආරම්භ කරපු බිම්මල් ව්‍යාපෘතිය ඒකියන්නෙ ලංකාවට වානිජ මට්ටමෙන් බිම්මල් වගාව හදුන්වා දුන් අවස්ථාවේදී (මෙම ආයතනය බිම්මල් සංවර්ධන සහ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය නමින් රත්මලානේ පිහිටා ඇත) බිම්මල් ආහාරයට ගැනීම පිළිබදව ජනතාව අතර තිබිල තියෙන්නෙ තරමක බියක්. ඒ බිම්මල් කාපුවහම විෂ වෙනව කියන බියක්. ඒ 
පිදුරු බිම්මල්
පරිසරයේ වැවෙන විෂ සහිත බිම්මල් ආහාරයට ගැනීම තුලින් අත්දැකීම් ලබපු උදවියගෙ උපදෙස් මත වෙන්න පුලුවන්. නමුත් 1987 සිට අද දක්වා ගතවූ කාලය තුල ජනතාව තුල වූ ඒ බිය තුරන් වෙලා කියල පේනව 
වෙළෙදපොලේ දක්නට ඇති බිම්මල් වලට තියෙන ඉල්ලුම දකින විට.

අදවන විට ඇමෙරිකන් ඔයිස්ටර්, ඇබලෝන්, පිදුරු හතු සහ බට්න්
බට්න් බිම්මල්
බිම්මල් යන වර්ග වානිජව වගා කර අලෙවි කරනව කියල වෙළෙදපොලේ රවුමක් ගියහම දක්නට පුළුවන්. ඒතුලිනුත් ඇමෙරිකන් ඔයිස්ටර් සහ ඇබලෝන් යන වර්ග දේශියව බහුලව වගා කරනු ලබයි. පිදුරු බිම්මල් ස්වාභාවිකව වැවෙන අතර සමහර ප්‍රදේශ වල කාලීනව වගා කරයි. එසේම බට්න් බිම්මල් වයඹ පලාතේ පිහිටි ආයතනයක් පමණක් වානිජව වගාකරන අතර ඉතිරි ඉල්ලුම සපුරාලන්නේ චීනය, ඉන්දියාව වැනි රට වලින් ආනයනය කිරීමෙනි.
මහ වැලි හතු

මහ වැලි හතු

තත්වය එසේ පවතින විට අපගේ පරිසරයේ ස්වභාවිකව වැවෙන කාලාන්තරයක් අප ආහාරයට ගත් බිම්මල් ආහාරයට නොගැනීමේ ප්‍රවනතාවය ඉහලගොස් තිබෙනවා. ඊට හේතුව අදවන විට එම බිම්මල් වර්ග හදුනා ගැනීමට බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැති 
වීමයි. එම තත්වයට හේතුව විග්‍රහ කලහොත් ස්වභාවික බිම්මල් පිලිබදව දැන සිටි පරිනත උදවිය මියයාම, එම උදවියගෙන් නව පරපුරට නිවැරදි මග පෙන්වීමක් නොලැබීම, නව පරපුරට ඒවා පිළිබදව දැනගැනීමට අවශ්‍යතාවයක් නොමැති වීම, හැමදේම වගේ 
මහ වැලි හතු
පහසුවෙන් අප ලගට එන දේ පමනක් ආහාරයට ගැනීමට හුරුවීම සහ වැඩි අස්වනු ලබාගැනීම සදහා පමනක් රජයේ සහ පෞද්ගලික ආයතන උනන්දු වීම සේම පර්යේෂනයන්ට අපගේ ඇති අල්පවූ උනන්දුව ලෙස දක්වන්නට පුළුවන්

කෙසේ නමුත් මේ වෑයම පරිසරයේ ස්වභාවිකව 
මහ වැලි හතු
වැවෙන ආහාරයට ගත හැකි බිම්මල් පිළිබදව අප සියළු දෙනා දැනුවක් කරන්න සහ දැනුවත් වෙන්න පොඩි දායකත්වයක් සැපයීමයි. එසේම මෙම මාතෘකාව ඉදිරි ලිපි කිහිපයකින් වරින් වර සාකච්ඡා කරන එක තමයි කොමස් සර්ගෙ බලාපොරොත්තුව. 

පරිසරයේ ස්වභාවිකව 
මහ වැලි හතු
බිම්මල් අතුරින් ආහාරයට සුදුසු බිම්මල් ලෙස ප්‍රචලිත මහ වැලි හතු, හීන් වැලි හතු, ඉදලොළු, ‍ලේන හතු, කුකුල් බඩවැල්, ගොරක හතු සහ පිදුරු බිම්මල් යන වර්ගයි.

වානිජව අලෙවි කිරීමට පවතින ඔයිස්ටර් බිම්මල් තුල අඩංගු පෝෂ්‍ය පදාර්තයන්ගේ සංයුතිය තුල ශරීරයේ 
මහ වැලි හතු
කොලස්ටරෝල් පහල හෙලීමේ හැකියාව, ශරීරයේ ප්‍රතිශක්තිය ඉහල දැමීමේ හැකියාව, රක්තහීනතාවය නැති කිරීමේ හැකියාව, ආතතිය/ තරබාරුකම සහ දියවැඩියාව පාලවය කිරීමේ හැකියාව, අම්ලතාවය සහ මලබද්ධය සුව කිරීමේ 
මහ වැලි හතු
හැකියාව සහ පිළිකා ශෛල ඇතිවීම වැලැක්වීමේ සහ මර්ධනය කිරීමේ හැකියාව සහිත බව බටහිර ‍වෛද්‍ය මතය මෙන්ම ආයුර්වේද ‍වෛද්‍ය මතයද වනවා.

කෙසේ නමුත් ස්වභාවික බිම්මල් වල පවතින පෝෂ්‍ය පදාර්ථයන් සහ ඒවායේ ඇති රෝග 
මහ වැලි හතු
පාලනය කිරීමේ හැකියාව පිළිබදව මෙතෙක් අවධානය යොමු කර හෝ ඒ පිළිබද පර්යේෂන සිදුකර තිබෙනවාද යන්න පිළිබද තොරතුරු ‍සොයා ගැනීමට කොමස් සර්ට හැකිවුනේනෑ. කොළඹ ජාතික පුස්තකාලයේ පවතින බිම්මල් පිළිබදව සිංහලෙන් ලියවුනු සියළුම පොත් කියවා බැලුවත් දේශීය බිම්මල් සම්බන්දයෙන් ලියවුන පොතක් කොමස් සර්ට දකින්න ලැබුනෙ නෑ. කෙසේ වෙතත් මෙම දේශීය බිම්මල් වලත් වානිජ මට්ටමෙන් වවන විදේශීය සම්බවයක් සහිත බිම්මල් වල පවතින පෝෂන මට්ටම හෝ ඊට වැඩි ගුණයක් පවතිනවා විය හැකියි.
මෙහි දකුණු පස දැක්වෙන්නෙ මහ වැලි
හත්තක් නමුත් වම්පසින් දැක්වෙන්නෙ
පෙනුමෙන් යම් මට්ටමකට සමාන 
ආහාරයට නොගන්නා බිම්මලක්

කොමස් සර් ඉස්සෙල්ලම කථා කරන්න යන බිම්මල් වර්ගය තමා මහ වැලි හතු පිළිබදව. කියන්න බැරි ගොඩක් දේවල් ‍ඉදිරිපත්කරල තියෙන රූප සටහන් වලින් අවබෝධ කරගන්න ඔබලාට හැකියාව ලැබෙයි.

මේ මහ වැලි හතු හැදෙන්නේ ටිකක් වැලි 
නයි හතු
විෂ සහිතයි ආහාරයට නොගනී
ගතිය වැඩිපුර තියෙන ස්ථාන වල වෙන්න ඕනේ. ‍ඒක නිසා තමයි මේ නමත් හැදෙන්න ඇත්තේ. කොමස් සර් එහෙම කියන්නෙ කොමස් සර් මේ බිම්මල් දැකපු ගොඩක් තැන් වල තිබුනෙ වැඩිපුර වැලි සහිත පස් නිසා. විශේෂයෙන්ම වැට මායින් වල මේවා හැදෙනව කියල තමයි කොමස් සර්ගේ තාත්තා කිවුවෙත්. ඒ එම ස්ථාන වල දිරාගිය කොලරොඩු බහුල නිසාත් තෙතමනය සහ අදුර වැඩි නිසා විය යුතුයි. වානිජ මට්ටමෙන් වවන බිම්මල්ටත් නිවැරදි ප්‍රමානයට ජලය, වාතය සහ අදුර ලැබුනොත් තමයි වැඩිපුර අස්වැන්න ලැබෙන්නෙ. වැසි දිනයන්ට පසු දින උදෑසන ගොඩක් බිම්මල් මෙන්ම මහ වැලි හතුත් වැඩියෙන් පිපෙනවලු. ‍විශේෂයෙන්ම උදෑසනින්ම නෙලාගතයුතුයි ආහාරයට ගන්නවනම්. නැත්නම් කෘමි සතුන් ආකර්ෂනය වෙනවා. සමහර සතුන් බිම්මලේ කොටස් කා දමනවා. තවත් සමහර සතුන් බිම්මලේ යටි පැත්තේ බිත්තර දමනවා. ඊට පස්සේ එම බිත්තර පුපුරල පනුවො ඇතිවෙනවා.

බිම්මල් ආහාරයට ගන්න ගොඩක් ප්‍රිය කරන්නෙක් වශයෙන් කොමස් සර්ට කියන්න පුළුවන් මහ වැලි හතු වෙලද පොළේ සුලබව තියෙන ඇමෙරිකන් ඔයිස්ටර්, ඇබලෝන් සහ බට්න් බිම්මල් වලට වඩා ගොඩක් රසයි කියලා. විවිද ආකාරයට බිම්මල් පිසගන්න පුළුවන් වුනත් වැඩිපුරම රස තෙල් දාලා ගත්තහම. ඒ ගොඩක් හොදින් අඩුම කුඩුම බිම්මල් වලට කාවදින නිසා. නමුත් මහ වැලි හතු වල පවතින් සුවිශේෂී බව නිසා තෙල් දැම්මත් බිත්තර ඔම්ලට් එකකට කෑලි කර එකතු කලත් රසයෙන් ඉහලයි.

මෙහි දක්වා ඇති රූප සටහන් ඇසුරෙන් ඔබ සියළු දෙනාට මහ වැලි හතු පිළිබදව අදහසක් ගන්න පුළුවන් සේම ඒවා නිවැරදිව තෝරා ගන්නත් පිටුවහලක් වේවි. නමුත් පලමු වර තොරා ගැනීමේදී බිම්මල් පිළිබදව දන්නා වැඩිහිටියෙකුගේ උපදෙස් ලබාගන්න උත්සහ කරන්න. තවමත් ‍අප අතර වැඩිහිටියන් ඉන්නවා බිම්මල් හදුනන.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ බිම්මල් ආහාරයට ගැනීමෙන් කිසිවෙකු මියගොස් නැති බවයි කොමස් සර්ට දැනගන්න ලැබුනේ. විෂ බිම්මල් ආහාරයට ගැනීමෙන් ඇතිවන සංකූලතා තමයි වමනය, බඩේ අමාරුව, කරකැවිල්ල, ඔක්කාරය වගේ දේවල්. එවැනි තත්වයක් ඇති වුවහොත් නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි.

සමහර උදවිය කියනවා මහ වැලි හතු වලටම තමා ඉදලොලු කියන්නෙත් කියලා. නමුත් කොමස් සර් දැකල තියෙන ඉදලොලු මීට වඩා ටිකක් ලා පැහැතියි. එසේම නටුවෙ වෙනසකුත් තියෙනවා. නමුත් ඒ පැහැයේ වෙනස පසේ සංයුතිය නිසා සිදුවුවාදැයි පැහැදිලි නැහැ. ඉදලොලු පිලිබදව වෙනම ලිපියකින් කතාතරමු.

මෙහි දක්වා ඇත්තේ කොමස් සර් දන්නා තොරතුරැ පමණි. මෙය කියවන ඔබ දන්නා තොරතුරු වෙතොත් ඒ පිළිබදව Comment කරන ලෙසත් නැත්නම් prabuddaka@gmail.com වෙත ඊ මේල් පිනිවිඩයක් එවන ලෙසත් ඉල්ලා සිටිනවා. පින්තූරයකුත් සමග එවුවොතින් ගොඩක් වටිනවා.

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.