එහෙනම් මොනවද මේ. ඒ තමයි අපේ බිම්මල් ගැන අපි නොදන්න දේ.
ඇමෙරිකන් ඔයිස්ටර් බිම්මල් |
ඇබලෝන් බිම්මල් |
පිදුරු බිම්මල් |
වෙළෙදපොලේ දක්නට ඇති බිම්මල් වලට තියෙන ඉල්ලුම දකින විට.
අදවන විට ඇමෙරිකන් ඔයිස්ටර්, ඇබලෝන්, පිදුරු හතු සහ බට්න්
බට්න් බිම්මල් |
මහ වැලි හතු |
මහ වැලි හතු |
තත්වය එසේ පවතින විට අපගේ පරිසරයේ ස්වභාවිකව වැවෙන කාලාන්තරයක් අප ආහාරයට ගත් බිම්මල් ආහාරයට නොගැනීමේ ප්‍රවනතාවය ඉහලගොස් තිබෙනවා. ඊට හේතුව අදවන විට එම බිම්මල් වර්ග හදුනා ගැනීමට බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැති
වීමයි. එම තත්වයට හේතුව විග්‍රහ කලහොත් ස්වභාවික බිම්මල් පිලිබදව දැන සිටි පරිනත උදවිය මියයාම, එම උදවියගෙන් නව පරපුරට නිවැරදි මග පෙන්වීමක් නොලැබීම, නව පරපුරට ඒවා පිළිබදව දැනගැනීමට අවශ්‍යතාවයක් නොමැති වීම, හැමදේම වගේ
මහ වැලි හතු |
කෙසේ නමුත් මේ වෑයම පරිසරයේ ස්වභාවිකව
මහ වැලි හතු |
පරිසරයේ ස්වභාවිකව
මහ වැලි හතු |
වානිජව අලෙවි කිරීමට පවතින ඔයිස්ටර් බිම්මල් තුල අඩංගු පෝෂ්‍ය පදාර්තයන්ගේ සංයුතිය තුල ශරීරයේ
මහ වැලි හතු |
මහ වැලි හතු |
කෙසේ නමුත් ස්වභාවික බිම්මල් වල පවතින පෝෂ්‍ය පදාර්ථයන් සහ ඒවායේ ඇති රෝග
මහ වැලි හතු |
මෙහි දකුණු පස දැක්වෙන්නෙ මහ වැලි හත්තක් නමුත් වම්පසින් දැක්වෙන්නෙ පෙනුමෙන් යම් මට්ටමකට සමාන ආහාරයට නොගන්නා බිම්මලක් |
කොමස් සර් ඉස්සෙල්ලම කථා කරන්න යන බිම්මල් වර්ගය තමා මහ වැලි හතු පිළිබදව. කියන්න බැරි ගොඩක් දේවල් ඉදිරිපත්කරල තියෙන රූප සටහන් වලින් අවබෝධ කරගන්න ඔබලාට හැකියාව ලැබෙයි.
මේ මහ වැලි හතු හැදෙන්නේ ටිකක් වැලි
නයි හතු විෂ සහිතයි ආහාරයට නොගනී |
බිම්මල් ආහාරයට ගන්න ගොඩක් ප්‍රිය කරන්නෙක් වශයෙන් කොමස් සර්ට කියන්න පුළුවන් මහ වැලි හතු වෙලද පොළේ සුලබව තියෙන ඇමෙරිකන් ඔයිස්ටර්, ඇබලෝන් සහ බට්න් බිම්මල් වලට වඩා ගොඩක් රසයි කියලා. විවිද ආකාරයට බිම්මල් පිසගන්න පුළුවන් වුනත් වැඩිපුරම රස තෙල් දාලා ගත්තහම. ඒ ගොඩක් හොදින් අඩුම කුඩුම බිම්මල් වලට කාවදින නිසා. නමුත් මහ වැලි හතු වල පවතින් සුවිශේෂී බව නිසා තෙල් දැම්මත් බිත්තර ඔම්ලට් එකකට කෑලි කර එකතු කලත් රසයෙන් ඉහලයි.
මෙහි දක්වා ඇති රූප සටහන් ඇසුරෙන් ඔබ සියළු දෙනාට මහ වැලි හතු පිළිබදව අදහසක් ගන්න පුළුවන් සේම ඒවා නිවැරදිව තෝරා ගන්නත් පිටුවහලක් වේවි. නමුත් පලමු වර තොරා ගැනීමේදී බිම්මල් පිළිබදව දන්නා වැඩිහිටියෙකුගේ උපදෙස් ලබාගන්න උත්සහ කරන්න. තවමත් අප අතර වැඩිහිටියන් ඉන්නවා බිම්මල් හදුනන.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ බිම්මල් ආහාරයට ගැනීමෙන් කිසිවෙකු මියගොස් නැති බවයි කොමස් සර්ට දැනගන්න ලැබුනේ. විෂ බිම්මල් ආහාරයට ගැනීමෙන් ඇතිවන සංකූලතා තමයි වමනය, බඩේ අමාරුව, කරකැවිල්ල, ඔක්කාරය වගේ දේවල්. එවැනි තත්වයක් ඇති වුවහොත් නම් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි.
සමහර උදවිය කියනවා මහ වැලි හතු වලටම තමා ඉදලොලු කියන්නෙත් කියලා. නමුත් කොමස් සර් දැකල තියෙන ඉදලොලු මීට වඩා ටිකක් ලා පැහැතියි. එසේම නටුවෙ වෙනසකුත් තියෙනවා. නමුත් ඒ පැහැයේ වෙනස පසේ සංයුතිය නිසා සිදුවුවාදැයි පැහැදිලි නැහැ. ඉදලොලු පිලිබදව වෙනම ලිපියකින් කතාතරමු.
මෙහි දක්වා ඇත්තේ කොමස් සර් දන්නා තොරතුරැ පමණි. මෙය කියවන ඔබ දන්නා තොරතුරු වෙතොත් ඒ පිළිබදව Comment කරන ලෙසත් නැත්නම් prabuddaka@gmail.com වෙත ඊ මේල් පිනිවිඩයක් එවන ලෙසත් ඉල්ලා සිටිනවා. පින්තූරයකුත් සමග එවුවොතින් ගොඩක් වටිනවා.
එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.
වැහි ඇල්ලක් ගියාම අපේ වත්තෙ කීප තැනක එක පාර සිය ගනන් පිපෙන පුංචි හතු වර්ගයක් තියෙනව.. ඒව හීං වැලි හතු කියලයි මං අහල තියෙන්නෙ
ReplyDeleteමේ විදේශයන්ගෙන් හඳුන්වාදීපු බිම්මල්වලට වඩා දේශීය බිම්මල්වර්ග රසයෙන් ඉහළයි වගේම ගුණයෙනුත් ඉහල ඇති කියලයි මට හිතෙන්නෙ..
ඔය බිම්මල් හඳුන්වාදීපු කාලෙ අපි බීජ අරන් ඇවිත් ගෙදර වගා කළා... පිදුරු බිම්මල් වගේම ඔයිස්ටර් බිම්මලුත්... මට මතකයි අපි බේසම් ගණන් පිදුරු බිම්මල් කැඩුව.... ඔබ දන්නව නම් මට හෝඩුවාවක් දෙන්න පිදුරු බිම්මල් බීජ හොයා ගන්ඩ තියෙන තැනක්...
ඔබ තුමියගේ ඉල්ලීමට උත්තරයක් හොයා ගන්න කොමස් සර් උත්සහ කලා. ඒ වෙලාවෙදි ආරංචි වුනා මාකදුර කෘෂිකර්ම පර්යේෂන සහ සංවර්ධන මධ්‍යස්ථානයේ පිදුරු බීඡ හදනව කියලා. නමුත් එතනට කථා කලාම කිවුවා වල්පිට පෞද්ගලික ආයතනයක හදනවා කියල. පස්සෙ එතනට කතා කලා. එම ආයතනය බිම්මල් බීඡ ඇදුවත් දැනට පිදුරු බීඡ නැති බව පැවසුවා. නමුත් මාර්තු මාසයේ බීඡ ගන්න පුලුවන් කිවුවා. හේතුව විදියට කිවුවෙ ගොයම් කපන කාලෙට විතරක් බීඡ හදන බව. ග්‍රෑම් 200 පැකට් එකක් රුපියල් 50ක් වෙනවලු. අයිතිකරු, ආයතනයේ නම. ලිපිනය සහ දුරකථන අංකය පහත් දක්වා ඇත.
Deleteඅජිත් විජේසිංහ,
ඉන්ටර්නැෂනල් ඇග්ග්‍රෝ මෂ්රූම්
125/1,
හීලලු ගෙදර,
වල්පිට. (මීරිගම හරහා දිවුලපිටිය කිට්ටුවලු වල්පිට තියෙන්නෙ)
0777699393, 0777710092
මම දැනට අවුරුදු කිහිපයක් තිස්සෙ බිම්මල් හදන කෙනෙක්.මේ පෝස්ට් එක දැක්කෙ අහම්බෙන් .මේ වගේ දෙයකට හිත යොමු කිරීම පිළිබඳ මගේ කෘතඤතාවය.ඇමරිකන් ඔයිස්ටර් බීජ නම් හැම තැනම තියනව.ඒත් ඇබලෝනි...බට්න් ....පිදුරු කෙහෙවත් නෑ....පුළුවන්නම් උදව් කරන්න...උඩ තියන අංක වලටත් කතා කලා...
Deleteඇබලෝන් බිම්මල් බීජ රත්මලානේ බිම්මල් සංවර්ධන සහ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ තියෙනවා. සතියකට කලින් කථාකරලා ඇණවුම දෙන්න ඕනෙ. දුරකථන අංකය 011 2725471.
Deleteකමෙන්ට් කරන අයට පහසුවක් වේවි ඔබ වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කළොත්...
ReplyDeleteඉවත් කලා. ස්තූතියි කිවුවට.
Deleteකොමර්ස් සර් වටිනා ලිපියක්...ඔබ කථිකාවක් ගොඩනගා ඇති මේ මාතෘකාව පිළිබද පෘතුල දැනුමක් බහුතරයක් අයට නැති බව මම හොදටම දන්නවා...ඒ නිසා මේ සම්බන්ධයෙන් ලියන්නට ඔබ ගත්ත තීරණය පිළිබද මගේ ප්‍රසාදය පලකරන්න කැමතියි.
ReplyDeleteදිගටම ලියන්න..තවත් බොහෝ අය ඉදිරියේ මෙහි ඒවි... ජය !
ස්තූතියි සිරා ඔබගේ අගය කිරීම සහ ධෛර්යමත් කිරීම ගැන.
Deleteබ්ලොග් ලියන එකට වඩා පවත්වාගන යාමයි වැදගත්.ඔබ කමෙන්ට්ස් පිළිබඳ අවධානයෙන් ඉන්න එක ගැන මාගේ කෘතඥතාව පුද කරනවා.මෙවන් වැඩ තවත් කරගෙන යන්නට ශක්තිය ධෛර්්‍යය ලැබේවා!
Deleteස්තූතියි සුරංග.
Deleteසර්,බිම්මල් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව දැනුමක් ලබාගෙන,අප ප්රදේශයේ ගොවීන් ඒ සඳහා යොමු කිරීමට කැමත්තෙමු.වැඩසටහන් මොනද දැනට තියන?
ReplyDeleteHow to make money with the tools to make money with Bitcoin
ReplyDeleteLearn the videodl.cc most popular online หาเงินออนไลน์ tools to kadangpintar make money from Bitcoin. Learn how to make money with Bitcoin, a new cryptocurrency that allows you to make more
Lucky Club Live Casino - Casino Site - Lucky Club Live
ReplyDeleteA world-class gambling experience for live dealers at Live! Casino & Poker. Experience the excitement of Las Vegas, California, Nevada! Rating: 4.6 luckyclub.live · 22 reviews
JV Gaming - Hospitality & Casinos
ReplyDeleteJV Gaming is 오산 출장샵 an international game developer 원주 출장안마 with a rich 청주 출장샵 portfolio of casino titles. Visit us for live events & our 나주 출장마사지 latest casino games! Rating: 구미 출장샵 5 · 1 review